Friday, June 16, 2017

gates

තාර්කික ද්වාර භාවිතයෙන් සරල අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය කිරීම. (Simple digital circuits and devices using logic gates.) තාර්කික ද්වාර (Digital Gates) ඩිජිටල් පරිපථ වල මූලික අංගයක් ලෙස තාර්කික ද්වාර හදුන්වන්න පුළුවන්. තාර්කික ද්වාර නිෂ්පාදනය කිරීම සඳහා මුලික පරිපථ කොටස්වන ප්‍රතිරෝධ, ඩයෝඩ සහ ට්‍රාන්ස්සිස්ටර ආදිය යොදා ගන්නවා. මෙම තාර්කික ද්වාරයන් ප්‍රධාන වශයෙන්ම යොදා ගනු ලබන්නේ ඩිජිටල්පරිපථ වල තර්කන කාර්යයන් ඉටු කරලීම සඳහා. බහුලවම භාවිතා වන තර්කික ද්වාරයන් වල ආදාන (inputs) සහ ප්‍රතිදාන (output) එකක්හෝ ඊට වැඩි ගණනක් පවතිනවා. මෙම තාර්කික ද්වාර ක්‍රියාත්මක වීම සඳහා විදුලි සැපයුමක් අවශ්‍ය වෙනවා. මෙම සංගෘහිත පරිපථ වලආදාන සංඥා සහ ප්‍රතිදාන සංඥා සකස් වී තිබෙන්නේ 0V සහ 5V වොල්ටීයතාවයන් ගෙන් සමන්විත වූ විදුලි ධාරාවන්ගෙන්. 0V මඟින් 0 කියන තාර්කික අවස්ථාවත් 5V මඟින් 1 කියන තාර්කික අවස්ථාවත් පෙන්නුම් කෙරෙනවා. ඕනෑම තාර්කික ද්වාරයක ආදාන සංඥාවත්ප්‍රතිදාන සංඥාවත් අතර ඉතාමත්ම කුඩා කාල පරතරයක් පවතිනවා. මේ කාලය ගතවෙන්නේ තාර්කික ද්වාරය තුල තර්කන කාර්යයන් සිදුවීමසදහායි. ඉතින් වඩාත් සංකීර්ණ වැඩ කටයුතු කරගැනීම සඳහා මෙවැනි තාර්කික ද්වාරයන් රැසක් යොදා ගෙන සකස් කල සංකීර්ණ සංගෘහිතපරිපථ තිබෙනවා. අපි එදිනෙදා භාවිතා කරන ගණක යන්ත්‍ර, පරිගනක, දුරස්ථ පාලක යන්ත්‍ර, ජංගම දුරකථන ආදී සියලුම ඩිජිටල් උපාංග සඳහාමේ තාර්කික ද්වාරයන් අඩංගු සංගෘහිත පරිපථ යොදා ගැනෙනවා. දැන් අපි බලමු මූලික තාර්කික ද්වාරයන් කීයක් තියනවද කියලා. AND OR XOR NOT NAND NOR XNOR අපි පසුගිය පාඩම් වලදී තාර්කික ද්වාරයන්ගේ ක්‍රියාකාරීත්වය සහ ඒවායේ යෙදවීම් පිළිබඳව ඉගෙන ගත්තා මතක ඇතිනේ. මුලින්ම අපි ඒදේවල් මොනවද කියල මතක් කරගෙන ඉමු. තාර්කික ද්වාරයන්ගේ සංකේත හා සත්‍යතා වගු. 2

No comments:

Post a Comment